මගේ තුන්වන උපසිරැසි නිර්මාණය විදියට මම බයිස්කෝප් අඩවියේ යාළුවෝ වෙනුවෙන් අරගෙන ආවේ, මගේ වචනයෙන් කිව්වොත් පට්ටම නිර්මාණයක්. The Great Train Robbery. 2013 දෙසැම්බර් 18 වනදා BBC නාලිකාවෙන්, මේ නිර්මාණය තිරගත වූයේ කොටස් දෙකකින් (එක කොටසක් පැය එකහමාරක පමණ කාලයකින් යුක්තයි) යුත් ටෙලි නාට්‍යය කථා මාලාවක් විදියටයි. අද මම ඔයාලා වෙනුවෙන් අරන් ආවේ එහි පළමු කොටසයි.
මෙහි පළමු කොටස දිග හැරෙන්නේ ලන්ඩනය බලා යන බ්‍රිතාන්‍යය රාජකීය තැපැල් දුම්රිය මංකොල්ල කෑමට සූදානම් වන යාළුවන් පිරිසක් වටාය. පොලීසියේ ඇස් වසමින් කුඩා කුඩා සොරකම් වලට සම්බන්ධ වන ඔවුන්, දුම්රිය මංකොල්ලයට සූදානම් වන්නේ එය බ්‍රිතාන්‍යය ඉතිහාසයේ සිදුවන දරුණුතම අපරාධය බව නොදැනයි. කථා මාලාවේ පළමු කොටස නිර්මාණය වන්නේ සොරුන්ගේ දෘෂ්ටිකෝණයෙන්. මොවුන් එම අපරාධය සැලසුම් කරන ආකාරය, ඒ සැලසුම් ක්‍රියාවට නැංවීමේදී ඇතිවන බාධක වලට මුහුණ දෙන ආකාරය, හා තමන්ගේ අරමුණ සාර්ථක කරගැනීමට දරන අවධානම ආදී කරුණු මනාවට පිළිඹිබු වන ලෙසටයි අධ්‍යයක්ෂණය කර තිබෙන්නේ. මෙහි අන්තර්ගත කථාව ගැන මම වැඩිය කියන්න යන්නේ නැහැ. අවසානයේ මේ අයට මේ මංකොල්ලය සාර්ථකව කරගන්න පුළුවන් වෙනවා. ඒත් ඊට පස්සේ මොකද වෙන්නේ?.. මොවුන් එතනින් එහාට තමන්ගේ සැලසුම් හරිහැටි සකස් කරගෙන තියෙනවාද?.. මේ ප්‍රශ්න වලට පිළිතුරු ඔයාලා මේක බලලාම දැනගන්න.
මෙහි ප්‍රධාන චරිතය වන Bruce Reynolds ගේ චරිතය නිරූපණය කරන්නේ Immortals, Clash of the Titans, The Hobbit: The Desolation of Smaug, The Raven ආදී චිත්‍රපට වලින් අප සැමගේ ආදරය දිනාගත් Luke Evans. ඔහු තමයි මේ මංකොල්ලයේ මහ මොළකරු. ඒ වගේම ඔහුගේ පිරිස ලෙසට රංගනයෙන් දායක වන්නේ, Jack Roth (Charlie Wilson), Paul Anderson (Gordon Goody), Nicholas Murchie (Roger Cordrey), Martin Compston (Roy James), Neil Maskell (Buster Edwards), Del Synnott (Brian Field) යන රංගන ශිල්පීන්. මෙහි අධ්‍යයක්ෂණය Julian Jerrold ගෙනි. මෙහි IMDb අගය සටහන් වන්නේ 8.3 ක් ලෙසයි. ඒ වගේම මෙම නිර්මාණය සඳහා පාදක කොටගෙන ඇත්තේ, Signal Red නම් ග්‍රන්ථයයි.
අවසාන වශයෙන් කියන්නම ඕන කාරණේ තමයි මේ නිර්මාණය සඳහා සිංහල උපසිරැසි සකස් කිරීමට මට යෝජනා කළේ සහ ඒ සඳහා සහයෝගය ලබා දුන්නේ බයිස්කෝප් අඩවියේ විකියා සහෝ. ඔහුට මගේ හදපිරි ස්තූතිය පිරිනමන අතර මම ඔයාලට ආරාධනා කරනවා මේ නිර්මාණය අනිවාර්යයෙන්ම බලන්න කියලා. සොරකම නම් මම අනුමත කරන්නේ නැහැ. ඒත් මේ කථාවේ එක තැනකදී ඒක යම්තාක් දුරකට සාධාරණීකරණය කරන්න උත්සාහ ගන්නවා. මෙහි දෙවන කොටසත් ඔයාලට ඉතා ඉක්මනින්ම ලබා දෙන්න පොරොන්දු වෙන ගමන් මම සමුගන්නවා. වෙනදා විදියටම ඔයාලගේ වටිනා කමෙන්ට්ස් මේ වෙනුවෙනුත් බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ජයෙන් ජය……!
320 MB
500 MB


Post a Comment