මේ එකතු වෙන්න යන්නේ තවත් ගෙවුන වසරේ නොමැකෙන නමක් දිනු සලරුවක් සමග එකතු වෙන්නයි. මේ සලරුවට පදනම් වූයේ 2009 වසරේ ඕමාන් සිට කෙන්යාව බලා යාත්‍රා කල බාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සහ එහි කාර්ය මණ්ඩලයට අත් විඳින්න සිදුවූ සත්‍ය කතාවක්. මාර්ස්ක් ඇලබාමා නමැති නෞකාව 2009 වසරේ අප්‍රේල් මස 01 දින ඕමාන්, සලාලා වරායේ සිට කෙන්යාවේ මොම්බාසා වරාය දක්වා ගමන් ඇරඹුවා. සෝමාලි මුහුදු සීමාව ඉතාමත් ප්‍රසිද්ධයි මුහුදු මංකොල්ල කෑම් වලට. මේ කාරණය ඉතාමත් උග්‍ර උනා මේ කාල සීමාව තුල. මෑතකදී ලැබුන සංඛ්‍යා ලේඛන වලට අනූව 2012 වසරේදී මෙසේ පැහැරගැනීම් 34ක් වාර්තා වෙලා තියෙනවා. නමුත් ගෙවුන වසර තුල එය එකක් බවට අඩුවෙලා තියෙනවා විවිධ පූර්වෝපායන් අනුගමනය නිසා. ඒ වගේම කලින් පැහැරගත් අය බේරාගැනීමට කප්පම් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණ පසුගිය සැප්තැම්බර් වනවිට සමාගම් විසින් ගෙවා තිබුනා.
මම මේ උපසිරැසි ගන්වපු චිත්‍රපටය එවැනි සත්‍ය සිද්දියක් පදනම් කරගෙන කල නිර්මාණයක්. මෙහි චරිත ඒ සත්‍ය සිද්ධියට වඩාත් සමීප මුහුණුවර සහිතව තෝරාගෙන තිබෙනවා. ඔයාලට මේ කතාව සහ චිත්‍රපට පදනම ගැන ඇත්ත නැත්ත දැනගන්න අවශ්‍ය නම් මෙතනින් බලාගන්න. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Paul Greengrass විසින්. ඔහු විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපට ගැන කියනවා නම් The Bourne Supremacy(2002), The Bourne Ultimatum (2007) සහ Green Zone (2012) මතක් කරන්න පුළුවන්. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ Tom Hanks විසින්. ඒ වගේම මෙහි සෝමාලි මංකොල්ලකරුවන්ගේ චරිත සියල්ලක්ම නවක නළුවන් විසින රඟ දක්වන්නේ. චිත්‍රපටය අවසානයේ ඔයාට තේරෙයි ඔවුන් Tom Hanks ට නොදෙවෙනි වෙන්න රංගයෙන් දායක වෙලා තියෙනවා කියලා. ඒ වගේම දැනට 71 වෙනි Golden Globe Awards උළෙල තුල Best Motion Picture – Drama, Best Actor – Motion Picture Drama, Best Supporting Actor – Motion Picture සහ Best Director යන සම්මාන සඳහා නිර්දේශ ලබලා තියෙනවා. Imdb අගය ගැන කිව්වොත් ඉහල අගයකට හිමිකම් කියලා තියෙනවා. ඒ 8.1ක්. ඒ වගේ ආදායම් අතින් සාර්ථක වූ තවත් 2013 චිත්‍රපටයක්. මෙහි වියදම වූ ඩොලර් මිලියන 55 දැනට ලොවපුරා අදායම ඩොලර් මිලියන 208ක් බවට පත්කරගෙන තියෙනවා.
ඉතින් වෙනදා වගේ මම මේ කතාව ගැන කියන්නේ නැහැ. සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තියෙන නිසා. එහෙනම් ඔබට බාරයි කැප්ටන් පිලිප්ස්ට වෙන දේ දැක බලා ගන්න. ඒ වගේම මේ උපසිරස දෙබස් වලට සවන් දීමෙන් කල නිර්මාණයක් බවත් සඳහන් කරන්න ඕනේ. කට්ටියට උපසිරැසි දෙනවා වැඩි නිසාදෝ දැන් දැන් කොමෙන්ට් නම් සැහෙන්න අඩුවෙලා තියෙනවා. අපි බලමු අපි වෙන මේ මහන්සියට කොහොමද සලකන්නේ කියලා නෙහ්? ;) එහෙනම් ආයෙත් හමුවෙන තෙක් හැමෝටම ජයෙන් ජය පතනවා!!!!
Post a Comment