Lates Update...

Latest Movie :
Home » , , » Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E01] | සුළගට මුසු වුන රහස්…. [සිංහල උපසිරැසි සමඟ]

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E01] | සුළගට මුසු වුන රහස්…. [සිංහල උපසිරැසි සමඟ]

Rate it :


ඔන්න එහෙනම් අපේ සමීර සහෝ දුන්නු Sleepy Hollow සමගින් සරත් සමයේ ටෙලි කතාමාලා සැට් එකක්ම විකාශනය වෙන්න අරගත්තා. ඒ කතාමාලා කිහිපයක් අපි ඔබලාගේ මනාපය පලකිරීම පිනිස ඉදිරිපත් කලා ඉතින් ඒ ටෙලි-කතාමාලා අතුරින්. ඔබලාගේ මනාපයට අනුව ඉහලම මනාපය හිමිකරගනිමින් මෙවර ජයග්‍රහනය ලැබුවේ අද මේ ඇන්න ආපු එක තමයි. මනාපය පල කිරීම උදෙසා ඔබට අපි ඉදිරිපත් කරපු පලමුවැනි සිනමාපටයට වෙච්චි Catch Me If You Can (2002) වගේම ඔබේ මනාපයට ඉදිරිපත් කරපු පලමු ටෙලි කතා මාලාවේ ජයග්‍රාහක ටෙලි කතාවත් මටම බාරදීම ගැන පොඩි අහිංසක ආඩම්බරයකුත් හිතේ නැතුවාම නොවේ ඉතින්. ඒත් කියන්ට ඕනා මේක සෑහෙන වගකීමක් අපේ රොයිලි අයියා රෙවොලූෂන් එක දුන්නා වගේ මටනම් මේක දෙන්ට බැරිව යාවි සමහර විට. ඒත් කිසිදු අභාග්‍ය සම්පන්න විපත්තියක් මට නොවේවා කියමින් මගේ පම්පෝරිය පැත්තකට දාලා මෙ ඇන්න ආපු භාන්ඩේ විස්තර දිහාවට හැරෙමු.
මාවල් සමාගම මේකට අතගහල තියෙන්නෙ සුපිරි වැඩක් කරපු සුපිරි වැඩකාරයෙක් එක්කමයි. ඒ තමයි Joss Whedon. එයා තමයි සුපිරි බල තියන මාවල් විරයෝ ටික එක තැනකට එක්කාසු කල The Avengers හි පිටපත් රචකයා. ඉතින් එයාල හිතලා තියනවා සුපිරි බලයක් නැති මාවල් වීරයෝ ටික ජනතාව අතරට අරන් යන වැඩේ එයාටම බාර දෙන්න. ඉතින් මේ කතාමාලාවෙ පිටපත් රචකයා වගේම අධ්‍යක්ෂකවරයාත් ඔහුම තමයි. උදා කලින් ලිපියක සදහන් කලා වගේම මෙකෙන් කියවෙන්නෙ The Avengers එකේ ලොකී මේ පෘථිවියට කරාපු වින්නැහියෙන් පස්සෙ වෙච්චි දේවල් ගැන තමයි. ඒත් අරකෙ ඉන්නව වගේ සුපිරිම සුපිරි බලයක් තියන වීරයොනම් මේකෙ නැති බව තමයි එයාල කියන්නෙ. මේ කොටහ එන්ට කලියෙන් abc ආයතනය කතාමාලා අංක එක, කතාංග අංක බින්දුව (Season 01 Episode 00) කියල විනාඩි කිහිපයක වීඩියෝපටයක් මාර්වල් ඉදිරිපත් කිරීම් වෙනුවෙන් සහ මාවල් ටෙලිවිශන් වෙනුවෙන් විකාශනය කලා. අපි ඒකත් මංසලෙන් ඔයාලට උපසිරසි සහිතවම අරන් ආවා. ඔයාල ඒක බැලුවනම් තේරුම් යාවි මේකෙ ඉන්න වීරයො මොනවගේ අයද කියලා. ඉතින් Action | Drama | Sci-Fi කියන ගණයට වැටෙන මේ ටෙලි කතා මාලාවේ ඉන්න අය ගැන කියනවනම් මාවල් සිනමාපටවල අවසාන භාගයේ වගේ එලියට එන පරීක්ෂක Phil Coulson, The Avengers සිනමාපටයෙදි ලොකී අතින් මියගියත් මේ කතා මාලාවෙදි යලි උපද්දවල තියනවා. ඒ අයි කියල මගෙන් අහන්ට නම් එපා ඕන් ඔයාලම බලල හේතු හොයාගන්ට.
තව මේකෙ ඉන්න සෙසු චරිත ගැන කියනවනම් Melinda May විදියට Ming-Na Wen ද. Grant Ward විදියට Brett Dalton ද Skye විදියට Nashville ටෙලි කතා මාලාවෙ Hailey විදියට ඉන්න Chloe Bennet ද Leo Fitz විදියට Iain De Caestecker ද Jemma Simmons විදියට Elizabeth Henstridge යන අය ප්‍රධාන චරිත වලට පන පොවන අතර මෙයාලට මොනාද පුලුවන් කියලා ඉදිරියට අපිට බලාගන්න හැකියාවක් ලැබේවි. ඒ වගේම ආරංචි වෙන විදියට මේක ඒකාංගික ටෙලි කතා මාලාවක් බවයි පැවසෙන්නෙ අපි ඒකත් බලමු ඉස්සරහටම, ලෝකෙ හොල්ලපු කොමික් වීරයෝ අපිට අරන් ආපු මාවල්ස් ආයතනය කොහොමද මේ පාර රූපවහිනිය ජයගන්නෙ කියලා. මේ කොටසට අන්තර්ජාතික සිනමාපට දර්ශකයෙ 8.0ක් වගේ ලකුනු ප්‍රමානයක් ලැබිලා තියනවා. ඒ වගේම එය මිලියන 11.9ක ප්‍රේක්ෂකයින් ප්‍රමානයක් තමන්ගේ රූපවහිනිය ඉදිරියට අරන් එන්න මේක සමත් උනා කියලත් නෙල්සන් වාර්තා සදහන් කරනවා. එහෙමනම් මම අද අරන් ආපු මේ පලවෙනි කොටස ගැන මුකුත් කියන්න යන්නෙ නෑ. ඔයාල මේක බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලා දන්න නිස කුතුහලය පොඩ්ඩක්වත් අවුස්සන්න ඕනා නෑ කියල මම හොඳාකාරවම දන්නවා…. ;)
ඊයේ උදේ පාන්දර 9.30ට විතර සැපට ස්වප්නයක් දකිමින් උන් මා එක්වරම පිබිදී-ගියේ ජංගමය දෙදරුම් කෑ නිසාය. හසුන් පතක් තැපැල් පෙට්ටියට පැමිණ ඇත. විවර කර බැලුවෙමි. මා ආදර විකියාගෙනි “අන්න M.S ඇවිත්”. කිරි අප්පට බල්ලො බුරපි කිවුවලු. ඊයේ රෑ මා හට ඇහැක් පියවීමට නොදුන් ඒ නපුර දෑ මා ඉදිරිපිටය. ඊයේ රෑ තමයි රෑ. මම කියනවට අහන්ටලා නින්ද ගියෙ නෑ බොලව්. මේ මරාලය කොයි වෙලේ කඩාපාත් වේදැයි විචිකිච්චාවෙන් උන් මාගේ විචිකිච්චාව නිමවූයේ එලෙසිනි. නමුත් ඉංගීසි උපසිරස නිකුත්වන තුරු හවස දෙක පමන වනතෙක් බලාහිදින්නට වීය. එවෙලෙහිම වැඩ පටන් ගත් නමුදු අසරණ මාහට එය ඊයේ දිනයේම ඔබ වෙත ‍රැගෙන ඒමට නොහැකිවිය. එය අද පාන්දර එක පමන වන විටදී නිමාකිරීමට හැකිවිය. මන්ද මෙහි වචන විද්‍යාව සමගින් බැඳි පවතින බැවින් එපමන කාල වේලාවක් ගතවිය. ඒලෙසින්ම වෙනදාමෙන් මාගේ පිහිටට පැමිනි හසා අයියා සහ සමීර මල්ලීගෙන් ලද තල්ලුවෙන් මා මෙය සාර්තකව නිමකල අතර ඔවුනට මාගේ හදපිරි ස්තූතිය! එසේනම් සංසිඳුවාගන්න ඔබේ කුතුහලය… නැවත හමුවෙනතුරු ඔබ සැමට වාසනාවන්!! :D

130MB


                                                                           320MB




Share this article :

Post a Comment

 

Like Us

Top
Copyright © 2014. Best Film ON - All Rights Reserved
**** #SashikaP- Published By T.W.Sashika pramith