හොඳයි එහෙනම් ටික කාලයක නිහඬතාවයෙන් පසුව නැවතත් කරලියට එන්නයි හදන්නේ මම කියන්නේ දෙමළ චිත්‍රපටි ගැන. මේ දවස් ටිකේ දමිළ චිත්‍රපටියක් ආවෙම නෑනේ. ඒක නිසා ඔන්න සේරටම හරියන්න සටන්, ආදරය, වෛරය, බයික් කාර් කුඩු කරගන්න, බිල්ඩින්ග් වලින් පල්ලෙහාට වැටෙන, පැහැරගන්න හැම ආකාරයේම දේවල් ගොනු වෙච්ච චිත්‍රපටියක් ගේන්නයි මේ සූදානම. චිත්‍රපටිය විනාඩි 150ක් පුරා දිවයනවා. 2013 දෙසැම්බර් 13 තමයි ප්‍රදර්ශණය සඳහා එලිදැක්වුනේ.
චිත්‍රපටියේ කතාවත් ටිකක් කියන්නම්. නීති විද්‍යාලයට තමන්ගේ කෙනෙක්ව ඇතුලත් කරගන්න රටේ නීතිය පිළිබඳ ඇමති නීථි විද්‍යාලයේ විදිහුලප්ති හම්බවෙන්න යනවා. නමුත් විදුහල්පතිතුමා ඒකට ඉඩදෙන්නේ නෑ. මොකද ඒ වෙනකොටත් ඇතුලත් කරගන්නා අයගේ නම් ලැයිස්තුව අන්තර්ජාලයට පවා මුදාහැරලා තිබුන නිසා. මේ තරහව නිසා මේ ඇමතිතුමා නීති විද්‍යාලයේ තමන්ගේ කට්ටිය දම්මවලා කෝලහාලයක් ඇතිකරවනවා. මේ හේතුව නිසා ශිෂයයින් තුන් දෙනෙක් මියයනවා. ඉතින් මේ ගැන රේඩියෝ වල, ටීවි වල, පත්තර වල ලොකු ලොකුවට කතා වෙනවා. ගුනා කියන්නේ දැන්වීම් සමාගමක වැඩ කරන කෙනෙක්. ඉතින් මෙයාට මේ ගැන අහන්න ලැබෙනවා. මේ හේතුව නිසාම ගුනා තීරණය කරනවා රට වෙනුවෙන් දෙයක් කරන්න ඕන කියලා. ඉතින් ගුනා මේ ඇමතිතුමාගේ මල්ලිව පැහැරගන්නවා. මල්ලිට ඇප දීලා දවස් පහලවකින් ආපහු සිරභාරයට දෙනවා කියලා ඇමතිතුමා ප්රතිඥ්ඤා දීලයි තියෙන්නේ. ඒ මලිල් කරපු මිණී මැරුම් නිසාවෙන් එයා එලියට අරගෙන ඒවට සාක්ෂි දෙන්න ඉන්න අයව මරණ්නයි මල්ලිව දවස් පහලවකට එලියට ගන්නේ. නමුත් ගුනාගේ ආකල්පය වෙනස්. ගුනා මේ මල්ලිව පැහැරගනෙ හිරකනවා තැනක. ඔය අතරතුර ගුනාත් එකක් ගෑණු ලමයෙක් ආදරෙයන් බැඳෙනවා. කතාව මෙතනින් මම ලොකු ගොඩක් පන්නලා තව එක කෑල්ලක් කියන්නම්. ගුනාට වෙන්න තියෙන හැම කරදරයක්ම අවසානයේදී වෙන්නේ මේ ගෑණු ලමා වෙන මාලිනීට. ඉතින් ගුනා අර ඇමතිතුමාගේ මල්ලිට මොනවා කරයිද, ඒ වගේම ඇමතිතුමාට මොනවා වෙයිද, මාලිනීට මොනවා වෙයිද, මොකක්ද මේ වෙනවා කියන කරදරේ, ඒ වගේම ගුනාට මොනවා වෙයිද ….
දැනගන්න ඔන්නම් බලන්න කියලා ආරාධනා කරනවා. කාලෙකින් බලමු ඇත්තටම ගහගන්නවා කියලා හිතුන චිත්‍රපටියක් කියලා කියන්න පුලුවං එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු. ජයවේවා!
35 votes
::: 690MB :::
::: 1.37GB :::
...................................................................................................................................................................
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Post a Comment