කොහොමද යාලුවනේ. ගොඩ දවසකින්, මම ඔන්න අද අලුත්ම හින්දි ෆිල්ම් එකක් අරන් ආවා. මේ දවස් ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි නිසා සබ් දෙන්නත් බැරිවුනා. මේ ෆිල්ම් එක “සොහිල් කාන්” අධ්යක්ෂණය කරලා තියෙන්නේ. මෙය තිරගත විම ආරම්භ කලේ 2014 ජනවාරි 24. මම අද දින වනවිට අදායම් වාර්තා ගැන සඳහනක් කලොත්, දැනට මේ චිත්රපටය තිරගත වී දින පහක් පමණයි ගත වෙලා තියෙන්නේ එනමුත් අදායම දැනටමත් ඉන්දියානු රුපියල් කෝටි 100 පසුකර හමාරයි. ඉදිරිය කොහොම වේවිද කියලා බලමු. ඉන්දියාවේ දැවැන්ත චරිතයක් වන “සල්මන් කාන්” සමග ” තාබූ”, “නද්රා බාබර්”, නිළියන් රඟපෑමෙන් දායක වෙනවා..
ඇත්තටම මේකේ කතාව කියනවානම්. හමුදාවෙන් ඉවත් කරපු “ජය අග්නිහොත්රී ” කියන තරුණයා දුෂිත මන්ත්රී කෙනෙකු සමග ඇතිවන ආරවුලක් තමා තියෙන්නේ. ඒ අතර මේ තරුණයා හොඳ සිතුවිල්ලක පුරුකක් හදනවා. ඒක දන්වැලක් කරන්න උත්සහ කරන අතර ඒක සාර්ථක වෙනවා. ඒ සිතුවිල්ලනම් චිත්රපටියට විතරක් නෙමේ ඇත්තටම උතුම්.
ඉතින් ගොඩක් ලියන්න බෑ. දවස් තුනක් නිදිමරලා මේක අහලා අහලම, ටයිප් කරලා කරලාම හරිම මහන්සි. තව මේකේ අකුරු වචන ගොඩක් වැරදි ඇති. ඒවාට සමාවෙන්න. ඒවා ඔයාලා දැක්කොත් ඒක කමෙන්ට් එකකින් දාන්න පස්සේ හදලා දාන්නම්. මේ ෆිල්ම් එක ඔයාල වෙනුවෙන් ඉදිරිපත් කරන්න මට ටයිම් ලයින් හදලා දුන්න “වාසල සහෝදරයට” ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මට නොදන්නා වචන පහදලා දුන්න මගේ රියදුරු “තාරික්” මහතාටත් බොහොම ස්තුති කරනවා. ඉතින් එහෙනම් බලලාම ඉමු.
හා… හා.. ස්තුති කියන්න ඕන නෑ. ඒ වෙනුවට හැකි විටක තුන් දෙනෙකුට උදවු කරන්න. එයාලටත් කියන්න තව තුන්දෙනෙකුට උදව් කරන්න කියලා. ලෝකය බොහොම සුන්දර වේවි. ජය වේවා ! තෙරුවන් සරණයි !!!
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය
Post a Comment