ඔන්න මේ අවුරැද්දෙ අලුතෙන්ම ආපු චිත්‍රපටයක් මේපාර අරගෙන ආවෙ.මේකට IMDb වලින් නම් හම්බෙලා තියෙන්නෙ 5.5ක ලකුණු ප්‍රමාණයක්. ඒ ගාණ නම් හොදටම ප්‍රමාණවත් මදි කියලයි මං නම් හිතන්නෙ. රේටින්ග්ස් මදි වුනාට කම්මැලි කමකින් තොරව ගලාගෙන යන අපරාධ බහුල පට්ට ස්ටෝරියක්. එහෙනම් වැඩි කතා නැතිව ස්ටෝරිය කියලා ඉන්නම්කො.
මේ චිත්‍රපටයෙ ඉන්නවා මිච් කියලා දක්ෂ තරැණ නීතිඥවරයෙක්.දවසක් හැන්දෑවක මිච් එයාගේ සහෘද නීතිඥයො එක්ක පොඩ්ඩක් සෙට් වෙනවා.පොඩ්ඩක් කියලා කිව්වට හොද තරමට පානය කරනවා. දැන් ඉතින් පාටිය ඉවර වුනාට පස්සෙ මිච් එයාගේ වාහනෙත් අරගෙන ගෙදර යන්න යනවා. ඔහොම යනකොට මෙයාගේ වාහනේට මනුස්සයෙක් හැප්පෙනවා.ඒ අනතුරවෙන්නෙ ක්ෂණිකව ඇසිපිය හෙලනවටත් වඩා ඉක්මණින්. බීමත්ව රිය පදවලා මනුස්සයෙක්ව හප්පලා මැරුවා කියන චෝදනාව මිච්ට එල්ල වුනොත් එයාගේ නීතිඥ තනතුර නැතිවෙනවා විතරක්නෙමෙයි අවුරැදු ගාණකට හිරෙත්යන්න වෙනවා. ඒක නිසා මිච් එයාගේ කටහඩ වෙනස් කරලා පොලිසියට නිර්නාමිකව කතාකරලා කියනවා මෙහෙම රියඅනතුරක් වුනා ඉක්මණට ගිලන්රථයක් එවන්න කියලා. ඒ කියලා එයා එතනින් පැනලායනවා.මේ අනතුර ගැන මිච් එයාගේ බිරිදටවත් කියන්නෙ නෑ.පහුවදා මිච් ප්‍රවෘතිවලදි දකිනවා ක්ලින්ටන් ඩේවිස්කියලා හාදයෙක් මිච්ගෙ වාහනේට හැප්පුනු මනුස්සයව ඉස්පිරිතාලෙට අරන්යද්දි පොලිසිය අත්අඩංගුවටඅරගෙන කියලා.
පොලිසිය සැකකරන්නෙ ක්ලින්ටන් ඒ මනුස්සයව මරලා කොහෙටහරි ගෙනිහින්දාන්න හැදුවා කියලා. දැන් මිච් කරන්නෙ මේ නඩුව බාරගන්න එක. ඒ වෙන මොකටවත් නෙමෙයි මිනිහව මේ කේස් එකට අහුවෙයි කියලා බයේ පොලිසියෙ සැකේ සාධරණය කරලා ක්ලින්ටන්ට මරණ දඩුවම ලබාදෙන්න. මේ නඩුවෙදි මිච් පොලිසියට ලබා දුන්නු දුරකථන ඇමතුමත් ඇදිලා එනවා. එක්තරා සාක්ෂි කාරයෙක් උසාවියට ඉදිරිපත්වෙනවා එයයි ඒ සිද්දිය වුන වෙලාවේ පොලිසියට කතා කලේ කියලා. පොලිසිය විසින් පටිගත කරපු ඒ දුරකථන ඇමතුමේ තියන කටහඩයි සාක්ෂිකරැගේ කටහඩයි එකක් කියලා අධිකරණ පරීක්ෂණවලින් තහවුරැවෙනවා.දැන් මිච්ට තේරෙනවා මෙතන මොකක්හරි යටිකූට්ටු වැඩක් යනවාකියලා.වෙච්චදේ මිනිහට කාටවත් කියන්නත් බෑනෙ.ඒක හින්දා මිනිහම වැඩේට බැහැලා මේක හොයන්න තීරණය කරනවා. දැනට මේ කිව්ව හරිය හොදටම ඇති.මේ කතාව තව ඉස්සරහට යන්න යන්න වඩාත් දරැණුබවට හැරෙන එකයි වෙන්නෙ.
මේ සැරේ උසස් පෙළ විභාගය තියන නිසා දහසක් වැඩ මැද්දෙ තමයි උපසිරැසි ගැන්වීම කලේ. පොඩි පොඩි අඩුපාඩු තිබු නවුනත් අර්ථයට කිසිදු හානියක් වෙලා නෑ. ඔය ක්මෙන්ට්ස් නොදා උපසිරැසි විතරක් බාගෙන යන අය තිත්ටිකක්වත් දාලා යන්න. නැත්තම් දවල් රෑ නොබලා මහන‍්සි වෙලා කරපු උපසිරැසි ගන්වීමෙනුත් වැඩක් නෑ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් මං ගියා. ජය
::: 395 MB :::
::: 700MB ::::
::: 1.32GB ::::
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Post a Comment