Lates Update...

Latest Movie :
Home » , , » The Great Train Robbery (2013) [E02] | හොරු අල්ලමු… [සිංහල උපසිරැසි සමඟ]

The Great Train Robbery (2013) [E02] | හොරු අල්ලමු… [සිංහල උපසිරැසි සමඟ]

Rate it :



අතිවිශිෂ්ට දූම්රිය කොල්ලයෙන් පසු සොරුන්ට සිදු වූයේ කුමක්ද? මේක තමයි හැමෝගෙම හිත්වල ඇතිවුනු කුතුහලය මුසු ප්‍රශ්නය. ඉතින් අද මම ආවේ ඔයාලගේ හිතේ තියෙන ඒ ප්‍රශ්නයට පිළිතුරු මගේ සිව්වන උපසිරැසිය තුළින් සිංහලෙන්ම අරගෙන.
The Great Train Robbery හි දෙවන ඒ වගේම අවසාන කොටස නම් කර ඇත්තේ A Copper’s Tale ලෙසයි. නම් කර ඇති ආකාරයටම මෙහි කථාව ගොඩනැගෙන්නේ බ්‍රිතාන්‍යය රාජකීය තැපැල් දුම්රිය කොල්ලකෑ සොරුන් ඇල්ලීමට වෙර දරන පොලිස් පරීක්ෂකයෙක් වටාය. ඔහු නමින් Tommy Butler (Jim Broadbent) ය. බෘස් රෙනෝල්ඩ්ස් ප්‍රමුඛ සොරුන් කණ්ඩායම ඇල්ලීමේ භාරදූර කාර්ය මේ නිලධාරියා මත පැටවෙන්නේ රාජකීය නිලධාරීන් මේ සම්බන්ධයෙන් දක්වන දැඩි බලපෑමත් සමගයි. ඔහු මෙම කාර්ය සඳහා විශේෂ නිලධාරීන් කීප දෙනෙක් තෝරාගන්නවා. එයට එම සොරුන් සමග මීට පෙර ගැටුම් ඇති කරගත් ෆ්‍රෑන්ක් විලියම්ස් නිලධාරියාත් ඇතුලත්. කොල්ලයෙන් පසු සොරුන් සැඟවී සිටි ස්ථානයෙන් තම පරීක්ෂණ කටයුතු ආරම්භ කරන මොහු සොරුන්ට වැරදුනු තැන් පසු පස ගොස් ඔවුන් එකා බැගින් අත්අඩංගුවට ගන්නවා. නමුත් තම සහෝදර නිලධාරීන් සමඟ යහපත් සම්බන්ධතාවයක් පවත්වාගන්න මොහු සමත් වෙන්නේ නැහැ. දැඩි තීරණ හා දැඩි කැපවීම මත මොහු සොරකම සිදුවි මාස කීපයක් ඇතුළත බෘස් රෙනෝල්ඩ්ස් හා බස්ටර් එඩ්වර්ඩ්ස් හැර අනෙක් සියලුම ප්‍රධාන සැකකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට සමත් වෙනවා. පොලිස් නිලධාරීන්ගේ දෘෂ්ටිකෝණයෙන් දිග හැරෙන මේ කථාවේ අවසානය ටොමී බට්ලර්ට මෙන්ම අපටත් හිතන්නට වැදගත් යමක් ඉතිරිකරමිනුයි අවසන් වන්නේ. බෘස් රෙනෝල්ඩ්ස්ට හා බස්ටර් එඩ්වර්ඩ්ස්ට සිදු වන්නේ කුමක්ද? ඔවුන් නීතියේ රැහැනට හසු වෙයිද?..ඒක දැනගන්න නම් මේ කථාව නරඹන්නම වෙනවා.
මෙහි ප්‍රධාන චරිතය ඉදිරිපත් කරන Jim Broadbent ගැන යමක් කීවොත් (විකිපීඩියාවෙන් දැනගන්න ලැබුනු කරුණු අනුව) ඔහු Longford රූපවාහිනී චිත්‍රපටය වෙනුවෙන් British Academy Television හා Golden Globe සම්මාන උළෙලවල්වලදී හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබූ අග්‍රගන්‍යය රංගන ශිල්පියෙක්. Harry Potter and the Half-Blood PrinceHarry Potter and the Deathly Hallows-Part 2 හි Horace Slughorn ගේ චරිතයට පණ පෙවූ මොහුව ඔයාලට කොහොමත්ම අමතක වෙන්න විදියක් නැහැ. කථා මාලාවේ මේ කොටස සඳහා ලැබී ඇති IMDb අගය 8.2 ක්. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය James Strong ගෙනි.
අවසාන වශයෙන් යමක් කීවොත් මේ කථා මාලාව අවසානයේ වැදගත් පණිවිඩ කීපයක්ම ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා. මට හැඟෙන ආකාරයට නම් ටොමී බට්ලර්, බෘස් රෙනෝල්ඩ්ස් හමුවේ දැඩි පරාජයකට පත්වෙනවා. ඔයාලට ඒක විවිධ දෘෂ්ටිකෝණ වලින් බලන්න පුළුවන් වෙයි. එහෙනම් මේ නිර්මාණයත් බලලා ඔයාලගේ වටිනා කමෙන්ට්ස් මගින් අදහස් ප්‍රකාශ කරන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා. ඔයාලට සුභ දවසක්..සියලු දෙනාටම ජයෙන් ජය…!
The Great Train Robbery (2013) on IMDb8.0/10445 votes
325 MB


525 MB







මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Share this article :

Post a Comment

 

Like Us

Top
Copyright © 2014. Best Film ON - All Rights Reserved
**** #SashikaP- Published By T.W.Sashika pramith