හැම දෙයකටම කලින් ඔයාලට කියන්න දෙයක් තියනවා, “මට මේක දෙන්න වෙන්නේ මේ සුමානේ ඉදන් අද දවසේදී තමයි. මගේ උසස් අධාපන කටයුතු සහ පොකට් මනි, ඉන්ටර්නෙට් බිල් ගෙවාගන්ට කරන පොඩි පහේ ජොබ් කට්ට තමයි පමාවට හේතුව. අද රෑ තමා උපසිරසට අතගහන්න වෙලාවක් ලැබුනේ අද රෑ කියන්නේ සිකුරාදා රෑ”. ඉතින් මේ තරම් කාලයක් ඔයාලට බලන් ඉන්න දෙන්න බැරි නිසා මම අපේ ඇඩ්මින් තුමන්ලගෙන් ඇහුවා වෙන කෙනෙක්ට බාර දෙන්නද කියලත්. මොකද මේ තරම් පරක්කු කරවන්න බැරි නිසා ඔයාලව, ඉතින් එයාලගේ අදහස උනේ නම් කමක් නෑ ශාන් අපේ අය හොද දෙයක් එනකම් බලන් ඉන්නවා කියලයි. ඒත් මම ඔයාලගෙනුත් අහනවා ඒ දේම, ඔයාලට අද දුන්නට කමක් නැතිද මේක? එහෙම නැතිනම් වෙන කෙනෙක්ට බාර දෙන්නද ? මොකද ගොඩක් දෙනෙක්ට මේක එනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නවා කියල මම දන්නා නිසා. ඉතින් කිසිම අහිතක් නැතිව වෙන සහෝ කෙනෙක්ට දෙන්න මම කැමතියි ඔයාලගේ අදහස එහෙම උනොත් වෙන සහෝ කෙනෙක් කලට වෙලාවට මේක අරන් ඒවි. කාගෙන් ලැබුනත් ඒක ලැබෙන්නේ බයිස්කෝප් එකෙන් නොවැ, ඒ නිසාවෙන් මගේ කිසිම අහිතක් නෑ ඉතින්
හරි එහෙමනම් අද කතාව එලියට එන්නේ සුමානයක විරාමයකින් පස්සෙයි. කතාවනම් දැන් ටික ටික හොද අතට හැරිගෙන එනවා, අද කතාව වෙන්නේ අපේ මොළකරුවන් දෙන්නාගෙන් කෙනෙක්ට පිටසක්වල වයිරසයක් ආසාදනය වෙනවා, එක වෙන්නේ පාවෙන මලමිනියකින්, ඒකෙ අන්තිම ප්‍රතිපලේ වෙන්නේ එයාවත් මැරිලා පාවීමයි. ඒ අස්සේ අපේ මේ වෝර්ඩ් කොල්ලත් මැරෙන්නේ නැතිව ගුවන් යානෙන් එලියට පැනලා පාවෙනවා හෙහ් හී එහෙමනම් වැඩි කතා නැතිවම බාගෙන බලමු නේද. මම අහපු දේටත් උත්තරයක් දීලම යන්න තරහ නැතිව කස්ටියම. ඒ වගේම මට වෙනද වගේ අනිත සහෝලගේ උපසිරසි වලට කමෙන්ට් කරන්න බැරිවුනොත් ඒකටත් සමාවෙන්න, පුළුවන් හැම වෙලාම අදහසක් දාලා යන්නම්කො මම.
එහෙනම් හැම කෙනෙක්ටම ජය!
එහෙනම් හැම කෙනෙක්ටම ජය!
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Post a Comment