ඔන්න මම අරන් ආවා සුපිරිම ෆිල්ම් එකක්.මේක මගේ උපසිරැසි ගැන්වු පලමු දමිල චිත්‍රපටයයි.මේකේ ප්‍රධාන නලුවා විදියට චරිතයට පන පොවන්නේ “Vishal” එයා දන්නවා නේද? අර Samar (2013) ,VEDI, SANDAKOLI සහ THORANAI වගේ චිත්‍රපට වල රඟපෑවේ. ෆුල් නයිට් 3ක් ගහලා තමයි මේක ඉවර කරේ. වෙනදා වගේම මේක ගැන මාව දැනුවත් කරේ විකියා සහෝයි. ආය නෑ සුපිරිම කතාවක් තමයි තියෙන්නේ, ත්‍රාසය, භීතිය, ආදරය, දු ක, වේදනාව මේ සියල්ල එකට කැටිවු තුන් හතරපාරක් බලන්න හිතෙන ලස්සනම ලස්සන සලරුවක්. වැඩිය ලියන්නත් බෑ ටයිප් කරල කරලම අත රිදෙනවා. මේකේ මාරම ගති සිංදු වගයක් තිබුනා, ඒවටත් එක්කම පදමට ලුණු ඇඹුල් ඇතිව සබ් දාලා ඇති ඔන්න.
එහෙනම් කතාව පැත්තට යමුකෝ.සිවකුමාර් කියන චරිතය කතාවේ මුලදි එක විදිහක්, මැදදී තව විදිහක්, ඒ වගේම අගදි තවත් විදිහක්. එයාට එයාගේ චරිතය මේ විදිහට වෙනස් කරගන්න වෙන්නේ ඔහුට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්නට වෙන කාරණා නිසයි. මෙයාගෙ අයියා රාජ්‍ය සේවයේ නිලධාරියෙක්. තාත්තාත් විශ්‍රාමලත් නිලධාරියෙක්. ඉතින් මේ පවුල මුලින් ගොඩාක් සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම සිවකුමාර්ට කට්ටිය ආදරේට කතා කරන්නේ සිවා කියලා .ඒ හින්දා, මාත් එහෙම කියන්නම්. මේ සිවාගේ ගෙදරට කුලියට පදිංචි වෙන්න එනවා කට්ටියක්. අන්න දැන් තමයි සිවාගේ ආදර කතාව පටන් ගන්නේ. ඒක ගැන මම කියන්න යන්නේ නෑ. ඒක ඔයාලම බලන්න. කොහොමද සිවා මේ ආදරේ පටන් ගන්නේ? එයා ඒ ආදරේ ලබාගන්න කරන්නේ මොනවගේ දේවල්ද?මේ තමයි අර මම කියපු විදියට කතාවේ මුල.
සාමාන්‍යයෙන් හොඳට ඉන්න පවුල් වලට ඉදලා හිටලා කන කොකාත් හඬලනවනේ. ඔන්න දැන් තමයි රස හරිය පටන් ගන්නේ. සිම්මක්කාල් රවි කියන්නේ මාෆියා කල්ලියක ලොක්කෙක්. මේ ‘රවී’ කතාවේ ප්‍රදාන චරිතයක් වෙන තැනට එනකම් එයාගේ කලින් පසුබිම ඔයාලා බලා ගන්න. ඉතින් කොහොමින් කොහොම හරි මේ රවි සහ සිවාගේ අයියයි අතර ආරවුලක් ඇති වෙනවා. මේ ආරවුලේ ප්‍රතිඵලයක් හැටියට සිවාගේ අයියා රවි අතින් මැරුම් කනවා. මේක තමයි මැද කොටස.
ඉතින් දැන් ඔයාලට අග කොටස හිතාගන්න පුලුවන් නේද?ඊට පස්සේ වෙන්නේ මල්ලි කෙනෙක් තමන්ගේ අයියා වෙනුවෙන් දක්වන සෙනෙහසයි, තාත්තා කෙනෙක් තම පුතාට දක්වන සෙනෙහසයි එකට එක්වුන සංසිද්ධීන් කීපයක්. අම්මෝ ඇති ඇති කීවා…”මෙහෙමත් පුතෙක්” කියලා මම කීවේ ඇයි කියලා ඔයාලට මේක බලල ඉවර වුනාට පස්සේ තේරෙයි.අවසානයේ වචන ටිකක් තියලා යන්න. ඒක තමයි මේ මහන්සියට බොන්න තියෙන එකම දේ.
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
289 votes
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Post a Comment