Exam එකක් තියෙනවා කිව්වහම ලොකු කුඩා බාල මහලු අපි හැමොම කොච්චර නම් කැමතිද? කොල්ලො කැමතිම දේ නේ Exam කියන්නේ? …ජිවිතෙත් හරියට Exam එකක් වගේ(ලූ). අපිට කරන්න තියෙන්නේ ලැබෙන ප්රශ්න වලට උත්තර ලියන්න(ලූ). ඔවා දාර්ශනික ටොක් නේ. ඕවා අපිට තේරෙන්නේ නැනේ.
මම මගේ දෙවන උපසිරැසි ගැන්විම වශයෙන් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ IMDb දර්ශකයේ 6.9ක් දිනාගෙන සිටින Exam (2009) චිත්රපටියයි. මෙය Mystery , Thriller ගණයට අයත් අමුතුම තාලේ චිත්රපටියක්. ඔබ ගහගන්න, මරාගන්න, වෙඩි තියාගන්න, ආදරය ගැන තියෙන Film නම් අනන්තවත් බලලා ඇති නමුත් මේ වගේ Film එකක් බලලා නැති බව නම් විශ්වාසයි. මිනිත්තු 101ක් පුරා දිවෙන මේ අමුතු කථාවේ කුතුහලය නම් උපරිම වශයෙන් තියෙනවා. මෙහි ප්රධාන විශේෂත්වය තමයි මේ සම්පූර්ණ Film එකම එක පසුතලයක් තුළ රුගත කර තිබිමත් කිසිදු බාහිර හෝ අතිරේක පිරිසක් නොමැතිව නළු නිළියන් 10ක් පමණක් මෙහි රංගනයෙන් දායක්තවය දැක්විමත්ය.
Film එකේ කතාව ගැන කිව්වොත් එක්තරා ආයතනයක රැකියාවක් සදහා අපේක්ෂකයන් 8 දෙනෙක් කැදවන අතර ඔවුන් සදහා කඩදාසියක්, පැන්සලක් සහා නිති වගයක් ලබා දේ. විනාඩි 80ක් තුළ නොපෙනෙන ප්රශ්නයකට පිළිතුරක් බලාපොරොත්තු වන අතර නිති කඩන සැම අපේක්ෂකයෙක්ම ඉවත් කිරිමට එක් ආරක්ෂක නිලධාරියෙක්ද මෙම විභාග ශාලාව තුළ සිටියි. …තරගකාරීත්වය, සැකය, බිය, අවදානම, උද්යෝයගය, කුතුහලය, කුහකත්වය, ආත්මාර්ථකාමිත්වය යනාදිය කැටි වු මෙම අපේක්ෂකයන් 8 දෙනා කෙසේ මෙම නොපෙනෙන ප්රශ්නය සොයා ගනිවිද? ඔවුන් කෙසේ මෙයට මුහුණ දේවිද? මොවුන්ගෙන් ප්රශ්නය නිරාකරණය කරගන්නේ කවුද? ඒ කෙසේද? මේ ප්රශ්න වලට පිළිතුරු එක හුස්මට නැරඹිය හැකි මේ Film එක තුළ අඩංගු වෙනවා.
මගේ පළවෙනි Film එක විදිහට ගෙනාපු The Medallion (2003) එකට සුබ පැතුම් එක් කල ඔයාලා හැමොටමත් කිසිම කමෙන්ට් එකක් නොදා Download කල ඔබ සැමටත් ස්තුතියි. එහෙම නම් ඉතිං කට්ටියට මේක බාගෙන බලන්න කියල ආරාධනා කරන ගමන් කරදරයක් නැත්නම් කමෙන්ටුවකුත් දාල යන්න කියල කියන්න කැමතියි. එහෙම වුණොත් ඒක අපේ මහන්සියට ලැබෙන ලොකු දෙයක් වෙයි.ළඟදීම තවත් සුපිරි චිත්රපටයකින් හමුවන බලාපොරොත්තුවෙන් මං එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා … !!
6.9/10
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
Post a Comment