ජෙස් කියන්නෙ එක්දරු මවක්,එයාගෙ පුතා ටොම් රෝගයකින් පෙලෙන කෙනෙක්.එක් උදෑසනක ජෙස් ගෙදර වැඩ කරමින් ඉන්න වෙලාවක ගෙදර සීනුව නාද වෙනවා,පස්සෙ බලද්දී කවුරුවත් එතන නෑ.පටන් ගත්ත ගමන්ම අමුතුයි කියලා හිතෙනවා නේද කතාව.පස්සෙ එයා බඩුත් පැක් කරගෙන එයාගෙ යාළුවො කට්ටියත් එක්ක බෝට්ටුවක ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙනවා.ඔවුන්ව හසුවෙනවා දරුණු කුණාටුවකට මොවුන්ට පසුව පාළු අතහැරලා දාපු නැවක් හම්බවෙනවා. මෙතැනින් පස්සේ මේ අයගේ ජිවිතේ අභිරහස් පුද්ගලයක් විසින් තිරණය කරනවා. මම කිව්වේ මරාදාන්න සැරසෙනවා. එත් මේ අය මැරෙනවාද? ඕක නෙවේ හැබැයි වෙන කතාව.කුතුහලය පිරුණු කතාවලට කැමති කට්ටියට මේක අනිවාර්යෙන් ගැලපේවි.එයාලට පස්සෙ මොකද වෙන්නෙ? බර්මියුඩා ත්‍රිකෝණය ගැන කට්ටිය දන්නවා ඇතිනේ,ඒක තමයි මේ කතාවට පාදක වෙලා තියෙන්නේ.අවසාන මොහොත වෙනකම්ම කතාව ඔයාලට හිතාගන්නවත් බැරිවේවි.අවසානයේ දිත් කතාව හිතාගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.කතාව ගැන ඉගියක් දෙන්නම් කතාවත් ත්‍රිකෝණයක් වගේ තමයි. කොහෙන් පටන් ගත්තාත් ඉවර වෙන්නේ එකම තැනකින්. තවත් ඔයාලව පටලවන්නේ නෑ එහෙනම් චිත්‍රපටිය රසවිදින්න කියලා කියන ගමන් සමුගන්නවා.
__________________________________________
Post a Comment