කියුබාව මුදා ගැනීමෙන් අනතුරුව බොහෝ ජනප්රසාදයක්, තාන්නමාන්න රැසක් අත් කරගන්නා චේ නම් මේ නොමළ මිනිසා ඒ සියලු දේ පසක දමා බොලීවියාව වෙත සිය ජීවිත ගමන මෙහෙය වන්නේ ඔහුගේ මහඟු මෙහෙවර කියුබාවට පමණක් උරුම දෙයක් නොවන බව පසක් කර ගැනීමෙන් අනතුරුවය.
බෝට්ටුවකින් බොලීවියාව වෙත පැමිණෙන සදාදරණීය චේ වුවද මේ යන්නේ තමන්ගේ ඉරණම් ගමන බව නොදැන ඉන්නට ඇත. එහෙත් එය දැන සිටියා වුවද ඔහු නොනවතිනු ඇත. මන්ද ඔහුට තමන්ගේ ජීවිතයට වඩා දුක්ඛිත ජීවිත ගත කරන දුගී දුප්පතුන්ගේ ජීවිත වටිනා නිසාවෙනි.
ඉතින් මේ දිගහැරෙන්නේ චේ නම් සදාදරණීය මිනිසාගේ ජීවන ගමනේ අවසන් පරිච්ඡේදයයි. ඇදුම රෝගයෙන් පීඩා විඳිමින් බඩ පුරවා ගන්නට කෑම ටිකක් සොයා ගත නොහැකිව තමන්ගේ අශ්වයන් පවා මරාගෙන කන්නට සිදු වූ, උගුර තෙමා ගන්නට වතුර බින්දුවක් සොයා ගත නොහැකිව දුක් විඳි ඒ අවසන් පරිච්ඡේදයයි මේ…
ඔබට ජය සහ සතුට…!!
1.2 GB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Post a Comment