ඔන්න යාලුවනේ ගොඩාක් කාලෙකට පස්සේ ආපහු මම ඔයාලට නියම ඇනිමේශන් සලරුවක් ඇරන් ආවා.මගේ ඩිප්ලෝමා එකේ අන්තිම තුරුම්පුව අදින්න වුනා ඒකයි ඔයාලට ෆිල්ම් එකක් ඇරන් එන්න බැරි වුනේ. ඒ කොහොම වෙතත් දැන්,වැඩ ඉවර කරපු ගමන්ම දුවලා ආවේ බයිස්කෝප් එක දිහාවට. වෙන ඉතින් කොහේ කියලා යන්නද?එහෙම ඇවිත් ඉතින් ඔන්න ඉතින් අත ගහපු මුල්ම වැඩේ තමයි මේක. අර රොයිලි සහෝ කියනවා වගේ මේකනම් මාරම සොදුරු කොටි වලිගයක් තමයි. මොන රාජකාරිය තිබුනත් නවත්වන්නනම් හිතෙන්නේ නෑ. එහෙනම් වල්පල් කීවා ඇති.
මේක ගැන මාව දැනුවත් කරේ වෙනදා වගේම විකියා සහෝයි. මේ පෙබරවාරි 04 තමයි මේක නිකුත් වෙන්න නියමිතව තියෙන්නේ.ඒ හින්දා මේකට තාම රේටින්ග්ස් නම් නෑ.ඔයාලට තමයි බලලා දාන්න වෙන්නේ. 2014 මම බලපු මුල්ම එක තමයි මේක,ඇත්තෙන්ම හොඳ ආරම්භයක් කියලා හිතෙනවා.ආය කියනවනම් සුපිරිම කතාවක්,සුපිරිම වීරයෝ සෙට් එකක්,ඒ වගේම සුපිරිම ඇනිමේශන් එකක්.අපේ සයිබර් වීරයෝ සෙට් එකම මේකේ ඉන්නවා. ඉස්සරහට එන්න තියෙන බැට්මෑන් ෆිල්ම් එකත් මේකෙන් පාදක වෙනවා කියලයි ආරංචිය.
එහෙනම් කතාවට යමුකෝ. මේක මුලින්ම පටන්ගන්නේ ගෝතම් නගරයේ ඉන්න මිනිස්සු අතුරුදන් වෙන සිද්දියකින්. ඒකට ගෝතම් P.D එකට මූලික සැකකාරයා වෙන්නේ බැට්මෑන්.ඒත් මේකට ඇත්තටම සම්බන්ද පිටස්තර ජාතියක්.එයාලා මේ වැඩේ කරන්නේ බැට් මෑන්ව බිල්ලට තියලා. සමාවෙන්න ඕනේ අතරමැදින් පැන්නට මේකේ ඉන්න වීරයන්ට අවේණික ගතිපැවතුම් මනාව පෙන්නුම් කරනවා. මොකද එයාලා මේකේ කණ්ඩායමක්නේ. ඉතින් මේකේ අර මම කලින් කියපු පිටස්තරයන්ගේ ලොක්කා තමයි ඩාර්ක්සයිඩ්. මොහුගේ ඇවෑමෙන් පෘථිවියේ සේරම මිනිස්සු ඔවුන්ට ඕනේ ආකාරයට රූපාන්තරනය කරනවා.ඉතින් ඒකට එරෙහිව නැගී සිටින එක තමයි මේ සුපිරි 7ගේ රාජකාරිය. මොවුන් එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවැනි නෑ. එහෙනම් ඉතින් ප්රශ්න ගොඩයිනේ නේද?කව්ද මේ සුපිරි 7?කොහොමද මොවුන් එකම අරමුණක් වටා එකට එකතු වෙන්නේ?එහෙනම් ඔයාලම බලලා අදහසක් දීලා යන්න.ඒක මට ගොඩාක් වටිනවා.
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!
550 MB (WEB)
700 MB (WEB)
1.62 GB (WEB)
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Post a Comment