මේක මගේ පළවෙනි උපසිරසි ගැන්වීම. වැරදි ටිකක් ඇති. එයට සමාව භජනය කළ මැනවී. මේක ඉවර කරන්න සතියක් විතර කට්ටක් කන්න වුණා. සබ් කරන් යද්දී තමා තේරුණේ සබ් කරපු සලරුවක් බලනවට වඩා සබ් කරන එක කොච්චර අමාරුද කියලා. මේ අඩවියේ සබ් කරන හැම සහෝදරයෙක්ම මේ කට්ට කන්නේ මේ අඩවියට පිවිසෙන සහෝදර කැල වෙනුවෙන්මයි.
සලරුව ගැන කතා කළොත්. මේක ටිකක් පරණ එකක් වුණත් හොදින් රස විදින්න පුළුවන් කියලා ඕනේ. මේක කොමඩියක් වුණත් ජීවිතේට ගන්න පුළුවන් දේවල් බොහොමයි කියලයි මගේ හැගීම. IMDb rank එක 8.5/10 තරම් ඉහළ අගයක් ගන්නත් මේ සලරුව සමත් වෙලා තියනවා.
සලරුවේ කතාව ගැන කිවොත්. මුන්නා කියලා මැරයෙක් ඉන්නවා. එයා ගේ රස්සාව තමා මිනිස්සු පැහැර ගන්න එක. එත් මේ මාරයා දොස්තර කෙනෙක් වෙන්න යනවා කිවොත් තනි පිස්සුවක්නේ… වැඩිය කියන් නැතුව සලරුව රස විදින්න දෙන්නම්. බලමු මේ මුන්නා බායි ට දොස්තර කෙනෙක් වෙන්න හම්බවෙයිද කියලා.
මේකේ 2 වන සලරුවටත් උපසිරසි ඉදිරියේදී දෙන්න බලාපොරොත්තු වෙනවා. එහනම් ගිහින් එන්නම්….
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසික රෝෂාල් මිද්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Post a Comment