එහෙනම් මට අද සුබ ආරංචියක් කියන්න තියනවා. ලිපිය අන්තිමේදි ඒක කියන්නම්කො. දැන් ඔක්කොම ශිල්ඩ් එක්ක දින තුනක් ගත කරලා ඉන්නේ. මම තමා මේ සතියේ නම් ප්‍රමාද කාරයා වුනේ. කොහෙද ලොකු වැඩක් වැටුනානේ, මතක ඇතිනේ මම නිවාඩු ඉල්ලුවා. නමුත් ඉතින් වගකීම පහුවෙලා හරී ඉටුකරන්න නිදි මරුවා නමුත් හරි ගියේ නැහැ. ඉතින් මේ වුන ප්‍රමාදයට මුලින් සමාව ඉල්ලනවා. අන්තර්ජාලය තුල මේ මාර්වල් පොලිස් කාරයන් ගැන එක එක විදිහේ කතා ඇහෙන සමයකනේ අපි මේ ඉන්නේ. දකින්න ඇති අපේ මංසලේ පලවුන කතා සමයේ විස්තර කියවන්න ඇති නැති නම් මේ ලින්කුවෙන් ගිහින් බලන්නකෝ. කොටස් 22ක් තියනවා කියලා තමයි දැන් ආරංචි වෙන්නේ අපිට මට දෙවියන්ගේම පිහිටයි ඉතින්
මතක් කරගමු පහුගිය සතිය. ශිල්ඩ් එකේ පිටස්තරයා නේ මේ වතාවේ මෙහෙයුමට ගියේ. අර දඩබ්බර ස්කයි කෙල්ල. නමුත් ඒ එසේ මෙසේ වැඩකට නෙමෙයි ශිල්ඩ් සතු අතිශය වැදගත් විද්‍යාඥයෙක් පහර ගත්ත කෙනා පස්සේ. මම හිතනවා තවත් අටුවා ටීකා ඕනේ නැහැ කියලා බලන්න ඇතිනේ. දැනටම පරක්කුවට බනින්න බලන් ඉන්නේ එකේ යමු කෙලින්ම මේ සතියේ කතාංගයට.
මේ පාර නපුරා වෙන්නේ පරණ පොලිස්කාරයෙක්. කොල්සන්ගේ ගෝලයෙක්. කොල්සන්ට අනුව නම් එයා හා බස් එකේ රියදුරා මේ එක සමානයි. හිතාගන්න ඇහැකිනේ තරම. මෙයා දියමන්ති හොරකමක් කරනවා. නමුත් එකේ ලේසි වැඩක් නොවෙන්නේ එකම වගේ ඇදගත්ත පිරිසෙන් හරි එකාට විතරයි මෙයා පහර දීලා තියෙන්නේ. හරියට දැනන් උන්න වගේ. හැබැයි මෙයාගේ ඇහැක් තියනවා බොහොම විශේෂයි ඒක. කොටින්ම කැමරාවක් වගේ. මොකද්ද මේ සිදුවීම. කොහොමද මේ නියෝජිතවරිය මේ තත්වයට පත් වුනේ….? මේ සියල්ල ඔබට බාරයි දැනගන්න.
එහෙනම් මෙන්න මේකයි සුබ ආරංචිය, අපේ බයිස්කෝප් අඩවිය තවත් පියවරක් උඩට තියලා අලුත් සර්වර් එකක් අරගත්තා. පහුගිය ටික දොහේ වෙච්චි බිද වැටීම් එහෙම ආයෙ වෙන එකක් නෑ. ඉතින් ඒ වෙනුවෙන් අපි මේ අඩවියේ ආරම්භකයා වෙච්ච අපේ පොතේ ගුරා නොහොත් ඉසිර අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනව එයාගෙ පොකැට්ටුව තමයි සැහැල්ලු වෙන්නෙ ඒකෙන් මේකෙන්. එහෙනම් චිරං ජයතු!
ලබන සතියේ හමු වෙමු නැවතත්, හැමට ජය…!
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Post a Comment