“මගේ ජීවිතේම තියෙන්නේ දේවල් දෙකයි…
එකක් ආදරය කිරීම..අනික මරාගැනීම…
මම සල්ලි වලට ඕනෙම දෙයක් කරනවා…
එහෙනම් හිතහල්ලා, මම මගේ ආදරය වෙනුවෙන් මොන මොනවා කරයිද කියලා..”
එකක් ආදරය කිරීම..අනික මරාගැනීම…
මම සල්ලි වලට ඕනෙම දෙයක් කරනවා…
එහෙනම් හිතහල්ලා, මම මගේ ආදරය වෙනුවෙන් මොන මොනවා කරයිද කියලා..”
මෙහෙම කියන්නේ මම නම් නෙවි, අපේ රෝමියෝ රාජ්කුමාර්. කෙටි කාලෙකට පස්සේ අද මම ඔයාලට අරගෙන ආවේ මේ අවුරුද්දේ දෙසැම්බර් 6 වෙනිදා තිරගත කෙරුණු අලුත්ම චිත්‍රපටයක්. මේ රංගනයෙන් ශාහිඩ් කපූර්, සෝනක්ෂි සින්හා සහ සෝනු සූද් එකතු වෙනවා. මේක අයත් වෙන්නේ ඇක්ෂන්, කොමඩි ගණයට. අධ්‍යක්ෂණය ප්‍රභූදේවා ගෙන්. ඇමරිකානු ඩොලර් මිලියන 6.1 කින් නිමැවුණු මේ චිත්‍රපටය මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 9.9 ක් උපයලා තවමත් තිරගත වෙනවා. IMDB වල 5.2 ක අගයක් ලැබිල තියෙනවා. මගේ මතයනම් කාලෙකින් බලපු හොද කොමඩි ෆිල්ම් එකක්. ඒ වගේම මේකේ ලස්සන සින්දු කිහිපයකුත් තියෙනවා.කතාව ගැන පොඩ්ඩක් කියනවනම්,
රාජ්කුමාර් කියන්නේ අනාගතය ගැන ඉලක්කයක් නැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරන සිටුවරයෙක්ට වැඩ කරන හාදයෙක්. මොවුන්ගේ අලුත් මෙහෙයුම තමයි තම එදිරිවාදියා මරණ එක. ඒත් අනාථ, දැනුමෙන් හෙබි, සුන්දර චන්දා හමුවීමෙන් පසු රාජ්කුමාර්ගේ ජීවිතේ සහමුලින්ම වෙනස් වෙනවා. නමුත් රාජ්කුමාර් නොදන්නා දේ නම් චන්දා යනු ඔවුන්ගේ එදිරිවාදියාගේ ඥාති දුවක් බව. එමෙන්ම රාජ්කුමාර්ගේ ලොක්කත් චන්දාට ආලය කරන්නට පටන් ගන්නවා. කොහොමහරි විකාර, මුරණ්ඩු රාජ්කුමාර්ගේ ආලයට චන්දා ත් ආලය කරන්න පටන්ගන්නවා. නමුත් මොවුන්ගේ ආදර කතාව ඉදිරියට ගෙනයෑමට නම් රාජ්කුමාර් විසින් ඔහුගේ සිටුවරයා, එදිරිවාදියා මෙන්ම සියල්ලම පාලනය කරනු ලබන මාෆියා ඩොන් වත් විනාශ කල යුතු වෙනවා.
එහෙනම්, බලමු නේද අපේ රෝමියෝ රාජ්කුමාර්ගේ ආදර කතාව..ජය වේවා…
500 MB
700 MB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Post a Comment