වසර 50කට පෙර, ෆෝමික්ස් නම් පිටසක්වළ හමුදාවක් විසින් පෘථිවියට ප්‍රහාරයක් එල්ල කලා. ඒ හේතුවෙන් අහිංසකයින් මිලියන දහයක් පමණ මිය ගියා. පෘථිවියේ මිනිසුන් හා ෆෝමික්ස් වරුන් අතර ඇති වූ යුද්ධයේ දී අපේ මහා සෙන්පතියා වූ මේසර් රැකම්ගේ දක්ෂ කම හා පරිත්‍යාගය හේතුවෙන් පෘථිවි වාසීන් සමූලඝාතනය වීමෙන් වැළකුනා. එදින සිට ෆෝමික්ස්වරුන්ගේ නැවත පැමිණීම කෙරෙහි අපි ඉතා හොඳින් සූදානම් උනා. එහිදී ජාත්‍යන්තර බළඇණිය තේරුම් ගත්තා ලෝකයේ සිටින දක්ෂතම ළමයින් තමයි පෘථිවියේ හොඳම බලාපොරොත්තුව කියලා. ඔවුන් එම ළමයින්ව තෝරගෙන බළඇණියට බඳව ගත්තා. එම ළමයින් යුධ-ක්‍රීඩා කරමින් හැදී වැඩුණා, ඔවුන්ගේ තීරණ සහජ ඥානයෙන් ගත් තීරණාත්මක හා නිර්භය ඒවා උනා.
මගේ නම එන්ඩර් විගින්. මමත් එසේ බඳවා ගත් ළමයින්ගෙන් කෙනෙක්. අනිත් ළමයින්ගේ නැති විශේෂත්වයක් අපේ සෙන්පති තුමා මා තුලින් නිතරම දකිනවා. මගෙන් සිදු වන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් පවා ඔහු දකින්නේ වෙනස් ම ආකාරයකටයි. මගේ සෙන්පති තුමා බලාපොරොත්තු වෙන්නේ මමත් මේසර් රැකම් මෙන් අපේ පෘථිවි වාසීන්ව පිටසක්වල ආක්‍රමණයෙන් ගලවා ගන්නා වීරයෙකු වනු ඇති කියායි. මේ මගේ කතාවයි.
ඔන්න යාළුවනේ ඔයාලට තවත් සුපිරි බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබූ ක්‍රියාදාම හා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයිති සුපිරි සළරුවකට සිංහල උපසිරැසි යොදලම අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 7.2/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ සිනමා නිර්මාණය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරින් 33 වෙනියට රැඳී සිටීමට තරම් සුපිරි චිත්‍රපටියක්. 2013 නොවැම්බර් පලවෙනිදා ඇමරිකාවේ තිරගත වීම ඇරඹුණ මේ සළරුව ආරම්භක සතියේ විතරක් ඩොලර් මිලියන 27කට අධික ආදායමක් ලබන්නත් සමත් වෙලා තියෙනවා.
ඉතින් යාළුවනේ.. මේසර් රැකම් කියන්නෙ කවුද? ඔහු කොහොමද ෆෝමික් වරුන්ගෙ ආක්‍රමණයෙන් පෘථිවිය බේරගන්නේ? ජාත්‍යන්තර බලඇණියට බඳවා ගන්නා ළමයින්ව කොහොමද ඔවුන් සටනට පුරුදු කරන්නේ? යුධ ක්‍රීඩා කිරීම මගින් මේ ළමයින්ව ඇත්තම යුද්ධයකට මුහුණ දෙන්න ඔවුන්ව සකසන්නෙ කොහොමද? එන්ඩර් විගින් අනිත් හැම ළමයටම වඩා විශේෂ වන්නෙ ඇයි? ෆෝමික් වරු තවත් වරක් පෘථිවිය ආක්‍රමණය කරාවිද? මෙවරත් ඔවුන්ව පෘථිවි වාසීන් විසින් පරාජය කරාවිද? කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.
මේ දැනට දීලා තියන ටොරන්ට් වල වීඩියෝ එකේ කොරියන් හාර්ඩ් සබ් (Hard-coded Korean subs) තියනවා. නමුත් ඒක ෆිල්ම් එක බලන්නට බාධාවක් නොවෙයි. එහෙම බලන්න කැමති අය විතරක් දැනට බෑවට කමක් නෑ (වීඩියෝ තත්වය ඉතාමත්ම හොද තත්වයක පවතිනවා). හොඳ කොපියක් ආවම කොහොමත් අප්ඩේට් එකක් දෙනවනේ බයිස්කෝප් කණ්ඩායම.
750 MB
1.41 GB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Post a Comment