ඔන්න යාළුවනේ මං පස්වෙනියට ඇරන් ආවේ තවත් සුපිරි ගණයේ චිත්‍රපටියක්. Dallas Buyers Club (2013). ටිකක් විතර අමුතු එකක්. ස්තුතිවන්ත වෙන්න ඕන හසන්ත වික්‍රමරත්න සහෝට. දවස් 30 කින් මැරෙන්න නියම වුණ ඒඩ්ස් රෝගියෙක්, අවුරුදු 7 ක් ම ජීවත් වුණ කතාවක් තමයි මේක. මෙය සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය වුණ එකක්.
රොන් වුඩ්රූෆ් කියන්නේ ටෙක්සාස් වල විදුලි කාර්මිකයෙක් වගේම කව්බෝයි කෙනෙක්. හදිසියේම ඔප්පු වෙනවා ඔහුට HIV ආසාදිත බව. වෛද්‍යවරු කියනවා දින 30 කට වඩා ජීවත් වෙන්නෑ කියලා. ඒත් මූ දොස්තරටත් හොඳ කුණුහරපෙන් බැනලා තමයි එතනින් යන්නේ. ඔහු සැලෙන්නෙ නෑ. ඔහු ගහනවා පට්ට ගේමක්. දොස්තරලට කට උත්තර නැතිවෙන්න. ඔහු ක්ලබ් එකක් පටන් ගන්නවා ඒඩ්ස් රෝගීන්ටම. “ඩලස් බයස් ක්ලබ්” කියලා. ඔහුගේ සහායට රේයෝන් කියලා නපුන්සකයෙකුයි, තව හුරුබුහුටි දොස්තර නෝනා කෙනෙකුයි එනවා. ඒ ක්ලබ් එකෙන් මොනවද කළේ සහ ඔහු කොහොමද වසර 7 ක් යනකල් ජීවත් වුණේ කියලා චිත්‍රපටිය බලලම දැනගන්න පුළුවන්.
චිත්‍රපටිය නිකුත් වුණේ 2013 නොවැම්බර්. මේ වෙද්දි විශාල පිළිගැනීමක් සමගම ජයග්‍රහණ රැසක් හිමිකරගෙන තිබෙනවා. සම්මාන 34 ක් දිනාගෙන තවත් සම්මාන 30 කට යෝජනා වෙලා තියෙනවා. ලබාගෙන තියෙන සම්මාන වලින් බොහොමයක් හොඳම නළුවා සහ හොඳම සහාය නළුවා. මේකෙ ප්‍රධාන නළුවා Matthew McConaughey. විශේෂයෙන්ම කියන්න ඕන සහාය නළුවා ගැන. මෙයා Jared Leto. ඔහු රඟපාන්නේ නපුංසකයාගේ චරිතෙට. පට්ටම පට්ට රඟපෑමක්. සම්මාන දෙන්නම වටිනවා.
ඒඩ්ස් ගැන දැනගන්නත් එක්ක අනිවාර්යෙන්ම ඇරන් බලන්න. හැබැයි මෙහි ඇතැම් දර්ශන නිසා මෙය පොඩි අයට එච්චරම සුදුසු නෑ.
550 MB
660 MB
800 MB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Post a Comment