අද මේ ගෙන්න යන්නේ පසුගිය වසරේ තවත් ජනප්‍රිය සහ දැනට තිරගත වන චිත්‍රපට වලින් ලෝකයේ අංක එක ලබාගත් චිත්‍රපටයයි. තවමත් තිරගත වන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගැන වැඩිය කියන්න දෙයක් නැහැ හැමෝම රස විදපු Lord of the Ring චිත්‍රපට මාලාවට පසුව එහි අධ්‍යක්ෂකවරයා අත ගහපු දෙවැනි වැඩේ තමයි The Hobbit කියන්නේ. මේ චිත්‍රපට තුනකින් යුතු හෝබිට් චිත්‍රපට Lord of the Ring චිත්‍රපට මාලාවට කලින් සිදු වූ සිද්ධීන් ගැන දැක්වෙන්නක් හෙවත් prequel එකක්. මෙහි පළමු වැන්න 2012 වසර අග බාගයේදී තිරගත උනා. එහෙ දෙවැන්න තමයි අද මේ සමීප කරන්න යන්නේ. ඒ වගේම මෙහි තෙවැන්න 2014 වසර අග බාගයේදී අපට බලන්න පුළුවන් වේවි. වසර අවසානය කියන්නේ ස්ක්‍රීන් පිටපත් වසන්තය වගේ. චිත්‍රපට නිකුත් වෙනවා දවසට එක ගානේ. ඉතින් අදත් මේ දෙන්න යන්නේ තවත් ඒ වගේ ස්ක්‍රීන් පිටපතක්. පිටපත කොහොමද කියලා බලාගන්න මේ 1, 2, 3පින්තූර වලින්. දැනට ලෝකයේ ඇති හොඳම චිත්‍රපට අතරින් 174 වෙනියට ඇති චිත්‍රපටය ලෙසට නමක් දිනා ඇති මේ සලරුව IMDb 8.2 ක අගයක් ලබාගෙන තියෙනවා. ආදායම් වාර්තා ගැන කිව්වොත් මේ චිත්‍රපටය සඳහා ඩොලර් මිලියන 225ක් වැය කරලා තියෙනවා. ඒ වගේ අති සාර්ථක ලෙසින් ධාවනය වෙන මේ චිත්‍රපටය දැනට ලොව පුරා ලබා තියෙන අදායම ඩොලර් මිලියන 625ක්.
එහෙනම් මම කතාව ගැන කියන්නම්. කලින් කොටසේදී අහිමි වූ රාජ්‍ය සොයා තෝරින් , බිල්බෝ සහ ගන්ඩල්ෆ් සහ පිරිස ගමනක් ආරම්භ කළා. ඒ කලකට කලින් අහිමි වූ කුරුමිටි රාජධානිය, කන්ද යට අධිරාජ්‍යය හෙවත් එරබෝර් රාජධානිය නැවත ලබා ගන්න අරමුණෙන්. කලින් කොටසේදී ඒ ගමන නතර උනේ මීදුම් පව්ව අසලින් ඒ කියන්නේ එරබෝර් රාජධානිය පෙනී පෙනී. එහිදී බිල්බෝ ඉතා වැදගත් යමක් සොයා ගන්නවා මේ ගමන සාර්ථක කර ගන්න. ඒ මුද්දක්. ඒක තමා Lord of the Ring චිත්‍රපට මාලාවේ ප්‍රධාන මාතෘකාව වෙන්නෙත්. අද මේ ගමනේ දෙවන කොටස ආරම්භ කරනවා. ඒ එරබෝර් රාජධානිය තුල ආධිපත්‍යය පතුරන Smaug නමැති මකරාගෙන් ඒ රාජධානිය නැවත ලබා ගන්නයි. එහෙනම් කලින් කොටසේ හමු නොවූ පිරිසක් මේ අද්විතීය ගමන සමඟ එක්කාසු වෙන්න නියමිතයි. එහෙනම් මෙන්න බාරයි මේ ගමනේ දෙවන කොටස ගමන් ආරම්භ කරන්න. අවසානය නම් එච්චරම සතුටු දායක නොවයි කියල හිතෙනවා බලන අයට. ඒකත් එහෙනම් බලන්න කියලා ආරාධනා කරන ගමන් හැමෝටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා !!!
199,547 votes
700 MB
960 MB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Post a Comment