ඔන්න ඒහෙනම් හතරෙවනි කොටසත් අරන් මම ආවා. වෙනදට වඩා දවසක් කලින් එන්න පුළුවන් උනා. ප්රමාදයට බලවත් කණගාටුව ප්රකාශ කරන ගමන්ම මම පසුගිය කොටස් වල වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්. ඒ දේවල් අද කතාවට කිසිම සම්බන්ධයක් නැහැ. මතක ඇතිනේ පහුගිය කොටසේදී ගේබ්රියල්ගේ සයිබර් අනුවාදන වල හොල්මන් කරපු මේයි චෙන්ව. අන්තිමට කොහොහරි එයාලට පුළුවන් උනානේ මේයි චෙන්ගේ චිප් එකේ තියෙන මතකයන් සේරම මකලා දාන්න. හැබැයි එයා මැරුනේ නැහැනේ. මට හිතෙනවා ඉදිරි කතාවකදී ආපහු ඒවි කියලා.
හරි එහෙනම් අද කතාව දෙසට හැරෙමුකො. අද කතාවේදී සිරියානු හමුදා අල්ලගත්ත ඇමෙරිකානු වාර්තාකරුවන් දෙදෙනෙක් බේරාගැනීමේ මෙහෙයුමක් තමයි තියෙන්නේ. ගේබ්රියල් රයිලි සහ ජෙමිසන් යනවා වැඩේට. හිටපු ජනාධිපතිතුමාත් එක්ක. රයිලිට එයාගේ පරණ මිතුරෙක් මුණගැහෙනවා. ඒත් මේ ඉන්නේ ඇත්තම වාර්තා කරුවාද? එයාලා ඇවිත් ඉන්නේ මොකටද? රයිලිගේ පරණ මිත්රයා කවුද? සහ වැදගත්ම දේ ගේබ්රියල් ඇතුළු පිරිසට මෙයාලව මෙයාලව බේරගන්න පුළුවන් වෙයිද කියලා බලන්න කතාව බලන්නම වෙනවා.
ඒහෙනම් ඊළග කොටසින් හමුවෙමු.
_____________________________
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Post a Comment