2014.02.24 22.41 PM
ඔන්න පරණ ඒවම කර කර හිටපු මට ,ඔයාලට තවත් අලුත්ම අලුත් හින්දි චිත්රපටියක් ගේන්න පුලුවන් වුණා.මුලින්ම ස්තුති කරන්න ඕන විකියා සහෝට . ඒ වගේම මෙච්චර දවසක් මාත් එක්ක හිටපු බයිස්කෝප් එකට යන එන හැමෝටම. මේක දෙන්න ටිකක් පරක්කු වුණා. මොකද English sub එකේ ගොඩාක් අවුල් තිබුණා.හැකි තරමක් නිවැරැදි කළා.තවත් තියනව නම් සමාව ඉල්ලනවා .
ඔයාලා දැනටමත් දන්නවා ඇති. මේ වසරේ පෙබරවාරි 07 වෙනිදා තිරගත් වීම ඇරඹුණ මේ චිත්රපටය මේ වන විට ඉතා හොඳ ප්රතිචාර ලබලා තියනවා. ඒ වගේම විවේචනත් ලැබිලා තියනවා. කවුරු කොහොම කිවුවත් මට නම් ඉතාම හොඳ චිත්රපටයක් කියලා කියන්න පුලුවන් . ඔයාලට මතක ඇතිStudent Of The Year චිත්රපටය.ඒ චිත්රපටයෙන් දැකපු අභිමන්යුව මතකද? එයාත් කාලයක් අපේ කොල්ලො කෙල්ලන්ව පිස්සු වට්ටපු නළුවෙක්නෙ. ඉතින් මේ චිත්රපටයෙත් ප්රධාන චරිතයට පණ පොවන්නෙ Sidharth Malhotra .ඔහු මෙහි ඉතාමත් දක්ෂ ලෙස රංගනයේ යෙදෙනවා . දෙවෙනි චිත්රපටයේදී මෙතරම් දක්ෂ ලෙස රංගනයේ යෙදීම බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වෙලා තියනවා. ඒ වගේම Ishaqzaade චිත්රපටයේ හිටපු parineeti Chopra ත් මෙහි ප්රධාන චරිතයට දායක වෙනවා . විචාරකයන්ගේ අදහස අනුව ඇයත් මෙම චිත්රපටය තුළ, ඇගේ චරිතය තුළ, ඉතාම හොඳින් රංගනයේ යෙදිලා තියනවා.Adah Sharma ද මෙහි තවත් වැදගත් චරිතයකින් එක් වෙනවා . Vinil matthew විසින් අධ්යක්ෂණය කර ඇති මෙය Vikas Bahl ,Hiroo Johar,Anurag Kashyap සහ Karan Johar යන අය විසින් නිෂ්පාදනය කරලා තියනවා. දන්නවනේ, Karan Johar ඉතින් හැම වෙලේම අපිට අලුත් දෙයක් අරගෙන එන කෙනෙක්නෙ. මෙම චිත්රපටය ආදායම් ලැබීමෙනුත් ඉතා ඉහළ මට්ටමකට ළඟා වෙලා තියනවා. 7.3ක් වැනි ඉහළ IMdb අගයක් ලැබී තියනවා.
ඉතින් මේ වතාවෙ මම හිතුවා , කතාව නොකියා ඉන්න. මේක ලස්සන ආදර කතාවක් .කොමඩියක්.ඇත්තටම කිවුවොත් පිස්සු ආදර කතාවක් . නිකිල්ගෙයි මීතාගෙයි පිස්සු ආදර කතාව ලස්සනට මේ චිත්රපටය පුරා දිග හැරෙනවා . එහෙනම් ඔයාලම බලන්නකො මේ අමුතු ආදර කතාව මොකද්ද කියලා.මම නම් යෝජනා කරන්නෙ හැමෝම බලන්න කියලා.
ඔයාලගෙන් ලැබෙන එක වචනයක් වුණත් අපි මේ කරගෙන යන වැඩේට ලොකු හයියක්.ඉතින් වෙනදා වගේම පුංචි අදහසක් දක්වලා යන්න. එහෙනම් තවත් මේ වගේ ලස්සන චිත්රපටියක් සමග යළිත් හමුවෙමු.හැමෝගෙම වැඩ කටයුතු සර්වාප්රකාරයෙන් සාර්ථක වෙන්න කියල ප්රාර්ථනා කරනවා.අපි ඉක්මනටම ආයෙත් හමුවෙමු .
_____*___________________*_____
Post a Comment