ආදරවන්තයින්ගෙ දවසෙ ආදරවන්තයන් වෙනුවෙන්ම ලස්සනම ලස්සන කොරියානු ටෙලි කතාමාලාවක් අරන් තමයි අද ආවේ. කොරියානු ආදර කතා කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඔනේ නැහැනෙ.මේක සම්පුර්නයෙන්ම ආදර කතාවක්. ඇත්තටම මාරම ලාස්සනයි. ඔයාලට මේක බලද්දි ඒක තේරෙන්න වැඩිවෙලා යන්නෙ නම් නැහැ කියලා මට හොදටම විශ්වාසයි. මේක නම් කිව්වෙ අපේ හසන්ත සහො. එයා තමයි කිව්වෙ මේකෙ කොටස් දෙකක් වත් අදට දීගන්න පුලුවන් උනොත් ගොඩ කියලා මන් අනිත් කොටසත් ඉක්මනටම අදම දෙන්න බලනවා. හසන්ත අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේවගෙ ලස්සන කතාවක් ගැන දැනුවත් කරාට. මේකට සබ් දෙන්න කියලා සැහෙන්න ප්‍රතිචාරත් තිබ්බලු. ඔන්න එ හැමොටම අද ඉදන් මේ ආදර පලහිලව්ව මොකක්ද කියලා බලගත්ත හැකි.මෙකත් හැමෝටම බලන්න කියලා මන් කියනවා. ඇත්තටම මාරම ලස්සනයි.
මේකේ imdb අගය 7.9 ක්.දැන් හිතා ගන්න කතාව කොහොමද කියලා.මේක විකාශය වෙන්න පටන් අරන් තියෙන්නෙ 2012 මාර්තු 26 දකුනු කොරියාවේ Korean Broadcasting කියන නාලිකාවේ. පලමු කොටසට ප්‍රේක්ශක ප්‍රතිචාර ඉතාමත් ඉහලයි. මේකෙ Director තමයි Yoon Seok-ho. මේකෙ ප්‍රධාන නලු නිලියො තමයි Jang Keun Suk, Yoona, Jin-yeong Jeong කියන අය. කොටස් 20 කින් කතාව අවසානයි. එක කොටසක් පැයක් විකාශය වෙනවා.
මේකෙ කතාව ගැන කිව්වොත් යාලුවො සෙට් එකක් ඉන්නවා university එකක. මෙයලගෙන් ඉන්හා කියන කොල්ලා මෙ university එකෙ ඉන්න අහින්සකම කෙල්ල එ කියන්නෙ අපෙ ප්‍රධාන නිලිය කිම්යොන්හේ ව දකිනවා. ඉන්හාට එයාව දැකලා තත්පර 3 කදි එයා ගැන ආදරයක් ඇතිවෙනවා. මේයා නියම චිත්‍ර කාරයෙක් මෙයා චිත්‍ර අදින කලා ගාරය ඉස්සරහ තමයි කිම්යොන්හෙ හැමදාම ඉදගන්නේ. ඉන්හා මෙයාගෙ චිත්‍රයකුත් අදිනවා. පස්සෙ මෙයාට කිම්යොන්හෙ ගෙ දින පොත හම්බවෙනවා. හම්භවෙන්නෙ කොහොමද කියලා ඔයාලා කතාව බලලම දැන ගන්න. ඇත්තටම ඒ දින පොත නම් සුපිරි,
එකෙ තියෙන දෙවලුත් ඔයාලා කතාව බලලම දැන ගන්න. ඔහොම යද්දි කොහොම කොහොම හරි ඉන්හාගෙ හොදම යාලුවාත් කිම්යොන්හෙට try කරනවා. පස්සෙ ඉන්හා කෙල්ලගෙන් හිමිට ඇත් වෙන්න බලනවා.කෙල්ල කැමති ඉන්හාට. හැබැයි ඉන්හා කෙල්ලව මග හරිනවා. ඉන්හාට කැමති තව කෙල්ලෙකුත් ඉන්නවා.ඔහොම ඔහොම තව ලොකු පලහිලව්වක් තියෙනවා. ඉතින් ඉන්හාට කෙල්ලව සෙට්වෙයිද යලුවාට සෙට් වෙයිද කියලා ඔයාලා මෙ කොටස බලලම දැන ගන්න.ඇත්තටම, පලවෙනි කොටසෙත් තව ගොඩක් දෙවල් වෙනවා. ඔක්කොම කිව්වොත් කතාවෙ රසයක් නැතිවෙනවනෙ. ඔයලා මෙක බලද්දි ඔයාලා කෙල්ලෙක් දාගන්න දුක් විද්ද හැටි එහෙම හොදට මතක් වෙයි. එහෙනම් පැය 3 ක වගෙ කාලෙකින් තමයි මන් මෙක ඉවර කරේ. ඒ ඔයාලට පලවෙනි කොටස අදම දෙන්න ඔනෙ නිසා. එහෙනම් පහලින් පුන්චි අදහසක් දලා යන්න කියලා උපැසිරැසි බාගෙන විතරක් යන අයට පොඩි ඉල්ලිමක් කරනවා. ඔයලගෙ ඔය පුන්චි අදහස තමයි අපිට ඉතුරු වෙන එකම දෙ මේ වැඩෙන්. එහෙනම් ඉලඟ කොටස් වලින් ඉක්මනටම හමුවෙමු…ජය වෙවා !!

_____________________________
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Post a Comment