හරි යාලුවනේ, ඔන්න එහෙනම් අදත් වෙනදා වගේම පමා වෙලා උපසිරැසිය අරන් ආවා. පමාවට සමාවෙන්න හැම කෙනෙක්ම. ඒ වගේම මගේ උපසිරසි කිහිපයක් මේ දවස් වලදී පල වෙයි කලබල වෙන්න එපා ඒවා මම ගොඩක් කලින් කරලා බර දුන්න ඒවා හොදේ, නැත්තම් ඔයාලා හිතයි මම මේක නොකර ඒවා කරනවා, මේක කරන්න හමා වෙලාවක් නැත්තේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අද කතාව දිහාවට හැරෙමු,
අද කතාවේ වැඩිපුරම කතාවෙන්නේ තෝර් ගැන, තෝර් ලන්ඩන් වල තනියම මොනාද කරන්නේ කියලා පොඩි පොඩි ඉගි වගයක් අපිට මේකෙන් ලැබෙනවා, මම ඒ ඉගි තියන තැන් වරහන් ඇතුලේ දැම්මා ඔන්න, මට මගහැරුණ තැනුත් ඇති ඉතින් තවම තෝර් 2013 බැලුවේ නැහැ නොවැ අපි කවුරුත් ආවහම බලමු තෝර් ලන්ඩන් වල තනියම මොනාද කරන්නේ කියලා, එතකම් මේ වගේ පොඩි පොඩි ඉගි වලින් සැනසෙමු ඈ.
අද කතාව තෝරගෙ ලෝකයෙන් මිට වසර දහස් ගානකට කලින් පෘථිවියට කඩා පාත් වෙච්චි ආයුධයක් ගැනයි, නොර්වේ කැලයක තිබිලා යම් කෙනෙක් ඒ අවිය හොයාගන්නවා, ඒ අවියට පුළුවන්….. ඒ අවිය හිමි කරුවා වසර දහස් ගණනක පටන් පෘථිවියේ ජිවත් වූ….. ගිහින් එන්නම් ඈ හිස් තැන් ටික ඔයාලම පුරවගන්ටකෝ…
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Post a Comment