මුලින්ම කියන්න ඕනා ඊයේ නම් බොහොම කණගාටුදායක දවසක් සිනමා රසිකයින් දැනටමත් දන්නවා ඇති ෆාස්ට් & ෆුරියස් චිත්රපට පෙලේ දෙවන ප්රධාන නළු පාවුල් වෝකර් මිය ගිහින් තියනවා, ඉතින් අපි අපේ විදියට ඔහුට නිවන් සුව වගේම ඔහුගේ විදියට සමාදානයේ සැතපේවා කියලා ප්රාර්ථනා කරනවා මතු අත්භවයකදී මෙවන් අකල් මරණයක් සිදු නොවේවා යන්නත්ය. හීත් ලේජර්ගෙන් පසුව සිනමාවට අහිමිවූ සුපිරි තරුවක්. කිසිවෙකුට පුරවන්නට නොහැකිවූ සුවිසල් හිස් තැනක්. නමුත් නුබ නැතත් ෆාස්ට් & ෆියුරියස් ඉදිරියට ඇදේවි නුබේ තැන වෙනකෙකු ගනීවි. නමුත් නුබ නැති අඩුව අපිට දැනේවි, සුභ ගමන් බ්රයන් ඕ’කෝනර්!
හරි ඔන්න පටන් ගත්තා ලිපියට මුල පුරන්ට, අනේමන්දා කාන්තා පාර්ශවය ගැන කතා කරලා වැඩක් නැහැ නේද, මතක ඇතිනේ වෝර්ඩ් කොල්ලව ඒජන්ට් මේ විසින් එයාගේ කාමරේට ගෙන්නගත්තු විදිය, මම නම් අන්තිම බින්දුවටම කලකිරුණා හොදේ, මේ සුමානේ පටන් ගන්නේ ඒ දෙන්නගෙන්ම තමයි ඔන්න, චඃ අන්තිම සවුත්තුයි වැඩේනම්, කොහම උනත් සමස්ත කතා මාලාවෙන්ම පහුගිය කතාන්ගයනම් ටිකක් විතර පන ගහලා ආපු කතාංගයක් බවට පත් උනා. වැඩිපුර කතා කලේ තෝ ගැන නොවැ, ඒ නිසා වෙන්න ඕනා අපිට එහෙම දැනුනේ.
එහෙමනම් ඉතින් අද අරන් ආපු කතාංගය ගැන බලමුකෝ, අද කතා කරන්නේ අනතුරකින් අදිසි මිනිසෙක් බවට පත්වෙච්චි කෙනෙක් ගැනයි, ඒ කෙනාට පුළුවන් ඉතාම වේගයෙන් එහා මෙහා ගමන් කරන්න වගේම විවිධ හානිදායක දේවල් කරන්න, එයා එන්නේ ගැහැණු ලමෙක්ගේ පස්සෙන්, මිනිස්සු හිතන්නේ ඒ ළමයට අධි මානසික බලයක් තියනවා කියලා. ඒ ගැහැණු ළමය හිතන්නේ දෙවියෝ ඇයට දඩුවම් කරනවා කියලා, ඉතින් කොල්සන් ඇතුළු අපේ ඒජන්තවරුන් පිරිස මේ දේත් බොහොම ප්රවේසමින් විසදනවා බලාගන්න පුළුවන් අද දවසේදී ඔයාලට.
ඒ වගේම මම මේකෙදි එක වචනයක් වැරදියට යොදාගත්තා හිතුවක්කාර අන්දමින්, ඒක වචනේ තමයි “Telekinesis” කියලා වචනයක් එකේ තේරුම වෙන්නේ මනසින් යම් යම් බඩු බාහිරාදිය එහා මෙහා කිරීමයි. ඉතින් මේක උපසිරසට යොදන්න බැරි නිසා මම එකට දැම්මා අධි-මානසික බලයක් කියලා. එකෙන් ඔයාලට යම්කිසි අපහසුතාවයක් ඇති නොවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.ඔන්න එහෙමනම් සුබ පුවත තමයි ලබන සුමානේ ඉදන් ඔයාලට මේ කතාමාලාව වෙලාවට ලබාදෙන්න හැකියාව ලැබෙනවා. අපේ උපසිරසි කණ්ඩායමේ චලිදු දේශාන් නොහොත් කිනා හට අදීන් පසුව මෙහි බර පැටවෙනවා එහෙමනම් මෙතුවක් කල් මගේ පමාව ඉවසන් ඉදලා වචනයකින් හරි හිතට දහිරියක් දීපු, සබ් පරක්කු වෙනවා කියලා බැනපු, සද්ද නැතුවම උපසිරස විතරක් අරන් ගියපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි මොන විදියකට හරි ප්රතිචාර ලබා දීම ගැන, ලබන සුමානේ පටන් කිනාටත් ඒ විදියටම අදහස් දක්වලා තල්ලුවක් දෙන්ටලා එහෙමනම් ගොහින් එන්නම් මම!
“සහෝදරයා. ඔබ මට කිසි දිනෙක අමතක නොවන්නේ ය.”ඉන්ස්ටග්රෑම් හි “දෙව් ලොවට තවත් දෙව් දූතයෙක් ලැබුණා… මට කියන්න වචන නෑ සහෝදරයා… ඔබ අමරණීයයි.!” -වෑන් ඩීසල්
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Post a Comment